රාජ්‍ය කර්මාන්තශාලාව මුලින්ම 1849 දී පේට්ටේ, ගෑස් වැඩපොළ වීදියේ පිහිටුවන ලද මහජන කාර්ය දෙපාර්තමේන්තුවේ උප අංශයකි. එය 1928 දී කොලොන්නාව පිහිටි වර්තමාන ස්ථානයට මාරු කරන ලද්දේ, එවකට පැවති බොහෝ රාජ්‍ය ආයතනවල මෙහෙයුම් සඳහා යාන්ත්‍රික ඉංජිනේරු සහාය සැපයීමට මහජන කාර්ය දෙපාර්තමේන්තුවේ කොටසක් හෝ උප දෙපාර්තමේන්තුවක් ලෙසය.1969/10/01 දින සිට මහජන කාර්ය දෙපාර්තමේන්තුව මහාමාර්ග සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තු ලෙස බෙදීමත් සමඟ, 1971 දී ප්‍රාදේශීය සිවිල් ඉංජිනේරු සංවිධානය පිහිටුවීමෙන් අනතුරුව, රාජ්‍ය කර්මාන්තශාලාව 1971/10/01 දින සිට 'ඒ' පන්තියේ දෙපාර්තමේන්තුවක් බවට පත්විය.රාජ්‍ය කර්මාන්තශාලාවේ මුල් කාර්යභාරය වූයේ යටිතල පහසුකම් සංවර්ධනය, මාර්ග, පාලම් සහ පාරු ඉදිකිරීම, වාරිමාර්ග ජල කළමනාකරණය සහ ගොඩනැගිලි නඩත්තුව සඳහා අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු කටයුතු, නිෂ්පාදන, උපකරණ සහ ඒ ආශ්‍රිත මෙහෙයුම්, යන්ත්‍රෝපකරණ නඩත්තුව සහ අලුත්වැඩියාව සැපයීමයි.රාජ්‍ය කර්මාන්තශාලාව 'ඒ' පන්තියේ දෙපාර්තමේන්තුවක් බවට පත්වූ පසු, කර්මාන්තශාලාවේ කාර්යයන් මහා භාණ්ඩාගාරයේ අත්තිකාරම් ගිණුම් යටතේ ක්‍රියාත්මක වී ඇත.පසුගිය දශක හතර තුළ රාජ්‍ය කර්මාන්තශාලාව පහත අමාත්‍යාංශ යටතට අනුයුක්ත කර ඇත: ඉඩම් හා ඉඩම් සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්, නිවාස හා මහජන උපයෝගිතා, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම්. දැනට එය ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතී.